Friday, December 13, 2013

free SMS worldwide via internet

මම ඔයාලට කියන්න යන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ ලෝකයේ ඕනෑම දුරකතනයකට sms(කෙටි පණිවිඩයක්) එකක් යවන ක්‍රමයක් ගැනයි. හැබැයි නොමිලේ කිව්වට පොඩි ගානක් යනවා.

 හේතුව තමයි , මේ message එක යවන්නේ අන්තර්ජාලය හරහා. අන්තර්ජාලය භාවිතයට යන මුදල තමයි යන්නේ. ඒ හින්දා මේක ගොඩක් වැදගත් වෙන්නේ පිටරට ඉන්න කෙනෙකුට කෙටි පණිවිඩයක් යවනවා නම් තමයි. ඔයාලා දන්නවා ඇතිනේ ලංකාවේ  දුරකථන ජාලයකින් පිටරට ජාලයකට කෙටි පණිවිඩයක් යවන්නත් සෑහෙන ගානක් වියදම් වෙන බව. ඉතින් මේ ක්‍රමය ඒ අයට ප්‍රයෝජනවත් වෙයි.

මේකට ඔයාලට තියෙන්න ඕන අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකතනයක් හරි පරිගණකයක් හරි
ඔයාලට තියෙන්නේ හරිම ලේසි වැඩක් ..

මේ  තියෙන  ලින්ක් එක මත click කරාම

 ඔයාලට මේ නොමිලේ sms සේවාව සපයන  වෙබ් අඩවිය දැක ගන්න පුළුවන්.



එකේ ඉහලම කොටසේ තියෙනවා send free sms කියලා. එතන click කරාම ඔයාලට පෙනේවි මෙන්න මේ වගේ page එකක්.


*     එකේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයා sms එක යවන රට තෝරන්නයි.
*     එහෙම කරාට පස්සේ ඒ රටේ country code එක පහතින්  පෙන්නනවා.
*     එතන තියෙන කොටුවේ ඔයා sms එක යවන කෙනාගේ අංකය ගහන්න. හැබැයි මුලට 0 ගහන්න එපා.
*     ඊට පහලින් කොටුවේ sms එක සටහන් කරන්න.ඔයාට අකුරු 160 ක sms එකක් තමයි එක වරකට යවන්න පුළුවන්. ඔයාට කැමති භාෂාවකින්(සිංහල,දෙමළ අකුරු වලින්) මේක යවන්න පුළුවන්.හැබැයි ලැබෙන කෙනාගේ දුරකතනයේ අදාළ font (අකුරු වර්ගය) එක සක්‍රීය වෙලා තියෙන්න ඕනා.
*      sms එක සටහන් කරාට පස්සේ ඊට පහලින් කොළ පැහැති අකුරු වගයක් දකින්න පුළුවන්.(capital අකුරු)
*      ඒ අකුරු ටික ඒ විදියටම ඒ අසල තියෙන කොටුවේ සටහන් කරන්න.

_____පහලින් තියන රූපයේ තියන විදියට තමයි කරන්න තියෙන්නේ._____



ඊට පස්සේ පහලින්න send කියල තියන තැන click කරාම ඔබේ sms පණිවිඩය යවූ බව සහ ඊට අදාල අනිකුත් විස්තර ඔබට පෙන්වනවා.

මම මේක සරලව කියලා දුන්නේ අන්තර්ජාලය ගැන වැඩිය නොදන්නා අයටත් තේරෙන විදියටයි. සමහර විට වැරදි අඩුපාඩු ඇති. මේක මගේ පලවෙනි post එක නේ.... . J


සමහර අය මේ ගැන දන්නවත් ඇති. එත් නොදන්නා අයත් ඇතිනේ..විශේෂයෙන් පිටරට ඉන්න තමන්ගේ ආදරණීය පුද්ගලයන්ට sms එකක් වත් යවා ගන්න බැරිව(සල්ලි නැති නිසා) දුක් වෙන අයට මේක වැදගත් වෙයි.

ඉතාම සුළු වියදමක් නේ යන්නේ.

එහෙනම් තවත් post එකකින් හමු වෙන්නම්.


comment එකක් දාලා මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා............